Saturday, December 24, 2011

ආදරනීය ප්‍රියන්ත ද සිල්වා වෙත ලියමි ......

ආදරනීය ප්‍රියන්ත ද සිල්වා,

කාලෙකට පස්සෙ මම ඔයාට ලියන්න හිතුවා. අද නත්තල් දවස. ඒත් අපි නත්තල් සමරන අය නෙමේ. අපි හොඳ බෞද්ධයෝ නේ. ඒත් නත්තල් දවස ගැන පුංචි සතුටකින් හිත පිරිලා.
ප්‍රියන්ත,
මතකද ඉස්සර පුංචිකාලෙ, අපිට නත්තල් නැති උනත්, කාටවත් නොකියාම රෑට අවදිවෙලා, නැත්නම් උදේට අවදිවෙලා කොට්ටෙ යට , මෙට්ටෙ යට බලපු හැටි. ඒ නත්තල් සීය ඇවිත් මොනා හරි දීල ගිහින් කියල ඇති කියලා හිතලයි. ඒ ත් කවදාවත් එහෙම දෙයක් සොයා ගන්න නම් තිබ්බෙ නෑ. නමුත් ප්‍රියන්ත, අපිට ඒ ගැන තරහක් නම් තිබ්බෙ නෑ. තිබුනෙ කියා ගන්න බැරි දුකක් විතරමයි. ඔයාටවත් මටවත් පුංචි හරි තෑග්ගක් දෙන්න කවුද හිටියේ ? ඒත් කවම දාකවත් වෙනත් කෙනෙක්ගේ කිසීම දෙයක් හිතින්වත් ගන්න සොර සිතක් නැතිව හිටපු හැටි මතක් වෙනකොට මට ඔය ගැන හරීම ආඩම්බරයි ප්‍රියන්ත. අවුරුදු 12ක් පාසල් ගිහින් අවසන් වුනත්, උසස්පෙල අවසන් කරද්දීත් , ජීවිතේටම කාල තිබ්බ චොකලට් ගනන 12 ක් වත් උනේ නෑ නේද ? ඒත් අද පොඩි එකෙක් ගත්තොත් මාසෙකටම චොකලට් 12 කට වඩා කාල තියෙනවා.
ආදරණීය ප්‍රියන්ත,
මතකද ඉස්සර,
උසස්පෙල දක්වාම හැම තිස්සේම ඇඳගෙන හිටියේ පාසල අඳින සුදු ඇඳුමමයි. ශිෂ්‍යත්ව පංතියේ සුදු ඇඳගෙන ආපු එකම ළමයා මමයි කියලයි මට හිතෙන්නේ. ඇයි මේ ළමයා හැම තිස්සේම ඉස්කෝලෙ ඇඳුම ම ඇඳන් ඉන්නේ කියලා සමහර ඇන්ටිලා අපේ අම්මගෙන් ඇහුවේ පුරුද්දට වගේ. අම්ම කිව්වා , පුතා පට අඳින්න කැමති නෑ කියලා. ඒක ඇත්ත. ඒත් ඇත්ත ඒක නෙමේ. ඔයා ප්‍රියන්ත, පාට අඳින්න කැමති නෑ කිව්වේ, අම්මට තවත් වියදමක් ඔයා නිසා සිදුවෙන එක නවත්තන්න කියාලා දන්නේ මම විතරයි. ඔයාට තනි නෑ ප්‍රියන්ත, දැන් මම ඉන්නවනේ ඔයාට හැම තිස්සේම. ඔයාට කවුරුවත් ඕනෙනෑ. එයාල ඔක්කෝම එන්නේ මොකක් හරි දෙයක් කරගන්න, ප්‍රයෝජනයක් ඔයාගෙන් ගන්න මිසක් ඔයාට තියෙන ආදරේට නෙමෙයි ප්‍රියන්ත. මම දන්නවා ඔයා කාටවත් ‍රැවටිලාවත්, ‍රැවටෙන්නෙවත් නැති බව. ඔයා අනිත් අයට තියෙන ආදරේට, හිතවත් කමට හැම දෙයක්ම කරල දුන්නාම, එයාල හිතයි ඔයා ‍රැව‍ටුනා කියලා. ඒත්, මම විතරයි දන්නෙ ප්‍රියන්ත, ඔයා ඒ අයව සතු‍ටු කරන්න කරපු කැපවීම, කිසිම දෙයක් ආයෙත් බලාපොරොත්තු නොවීම. එහෙම කියන්නේ, ඔයා කරපු උදව් ඔයාටම අමතක වෙලා තියෙන බව මම හොඳින්ම දන්න නිසා.

මම අද ලියන්නේ කාලෙකටම පස්සෙ හිංදා, නැත්නම් පලමු වතාවට හිංදා, මට මුල - මැද - අග පටලැවෙනවා. ඒත් ඔන්න ඔහේ මගෙ ඔළුවට එනදේ ලියනවා ප්‍රියන්ත.
ආ...
ඔයාගෙ අම්මට දැන් අසනීපයි නේද ? ඇවිදින්නත් බෑ නේද ? මම දන්නවා ප්‍රියන්ත, අම්මගෙන් උදව් ගත්ත, අම්ම සල්ලිවත් පංතිගාස්තු විදියට ගන්නෙ නැතිව ඉස්සර උගන්නපු අයවත් අම්ම බලන්නවත් එන්නෙ නැතිලු නේද ? මට තේරෙනවා ප්‍රියන්ත ඔයා මේව ගැන ගොඩාක් කලකිරීමෙන් ඉන්නෙ කියලා. දුක් වෙන්න එපා රත්තරං, මම ඔයාගෙම ගාව ඉන්නවනේ.

ජීවිතේ කියන එක කොයිවෙලාවෙ නැතිවෙනවද ? මොනා වෙනවද කියන්න අපි දන්නෙ නෑ. පුලුවන් තරම් සතුටින් ඉන්න ප්‍රියන්ත. මම දන්නවා ඔයා ඉස්සරත් තාමත් ඉන්නේ හැමතිස්සේම හිනා මූනක් මවාගෙන. එහෙම හිටියේ, අඬන්න බැරි මූන හිනාවකින් හංගගන්න කියලා දන්නේ මම විතරයි පැටියෝ. ලෝකෙම අය විතරක් නෙමෙයි, ඔයාගෙන් ඉගන ගත්ත අය පවා, සමහර වෙලාවට ඔයාට අපහස කලා. ඒත් ප්‍රියන්ත ඔයා කවදාවත් එයාල එක්ක තරහ උනේ නෑ. වෛරයක් දැනුනේ නෑ. හැමදාම ආශිර්වාද කලා යහපතක්ම වේවා කියලා. ඔයා හරීම ආදරණීයයි ප්‍රියන්ත. අන්න ඒකයි ඔයාගෙන් ගන්න පුළුවන් හැමදෙයක්ම අරගෙන අනිත අය ඔයාටම වේදනාවක් දීල යන්නේ. වේදනාව කියන දේ අපිට අලුත් දෙයක් නෙමෙයි නේද ?

මම දන්නවා පැටියෝ, ප්‍රියන්ත, ඔයා කවමදාක්වත් දුකක් දැනුනාම නම් දැන් අඬන්නේ නෑ කියලා. දුක කියන්නේ සාමාන්‍ය දෙයක් නේ අපිට. ඒත් පුංචිම පුංචි සතුටක් දැනුනත්, නෙතට කඳුලක් උනන එක නම් නවත්තන්න බෑ නේද ප්‍රියන්ත ? සතුට කියන දේ අපිට පුරුදුනෑනේ. ඒකයි ඒ. ඔයාගේ ලොකුම ප්‍රාර්ථනාව මම දන්නවා, ඒ, මේ ලෝකේ කිසිම හතුරෙකුටවත් ඔයාට දැනුන තරම් දුකක් දෙන්න එපා කියන එක. ඔව්, ඇත්ත, වෙන කෙනෙක් නම් ඔයා වගේ ජීවත් වෙන්නෙ නෑ. ඔයා ඉස්සර කරන්න ගියපුවා මෙතන ලියන්න ඕනෙ නෑ නෑනේද මගේ ප්‍රියන්ත.

මතකද පුංචිම කාලේ ? පුළුවන් නම් කියන්න සතුටින් හිටපු දවසක් ? බෑ නේද ප්‍රියන්ත ?
ඕනෙනම් ඔයා කියාවි එදා, පාසලෙන් ඔයා විතරක් ශිෂ්‍යත්වේ සමත් උන දවස කියලා. ඔව්, ඒ හැර එක දවසක් මට කියන්න ප්‍රියන්ත. ඒත් මට ඔයා ගැන හරීම සතු‍ටුයි ප්‍රියන්ත. අද ඔයාව හමුවෙන්න කවුරු ආවත් ආයෙත් යන්නෙ නම් සතුටින් නෙමෙ නේද ? ඔයා ඔයාට පුලුවන් තරමටත් වඩා එයාලව සතුටින් තියන්න ඔයා ගන්න උත්සාහය හරීම පුදුමයි ප්‍රියන්ත. කොහෙන් කාපු ටකරන්ද කිව්වලු නේද ? කවදාවත් නොලබපු දෙයක්, කොහොමද ප්‍රියන්ත ඔයාට පුලුවන් උනේ අනිත් අයට දෙන්න, වෙන කාටත් වඩා ?

ඉස්සර,
ඔයා පාඩම් කල හැටි මතකද ප්‍රියන්ත ? අපිට කොහෙන්ද ඉස්සර විදුලිය. කනප්පුවේ ලාම්පුව තියගෙන පාඩම් කරද්දී, ලාම්පු දැල්ලට කීවතාවක් ඔයාගෙ ඉස්සරහ කොන්ඩේ ගස් නම් පිච්චුනාද, බාගෙට නින්ද යද්දි. ඉස්සර, නයිට් රයිඩර්, ටීවී එකෙන් බලන්න, මොන තරම් ආසාවෙන්ද චූටි බයිසිකලය පැදගෙන දන්න කියන , දුර තියෙන ගෙදරකට ගියේ. ඒත්, සමහර දවස් වලට, ඔයා ඉ‍ඳෙද්දීම ඒ අය රූපවාහිනියේ, අනිත් චැනල් එක දාද්දී මොන තරම් දුකක් දැනුනද ? තිබ්බ එකම සතුටත් බාගෙට බලද්දී නවතිනකොට නවතිද්දී, ඒත් ඔයා කවුරුවත් ගැන වෛරයක් ගත්තේ නෑ නේ ද පැටියෝ ?
ප්‍රියන්ත, මගේම ආදරණීය ප්‍රියන්ත,
කලින් ගෙදර මතකද ? ඔව්, ඔයාට කිසිම දෙයක් අමතක වෙන්නෙ නෑ නේද ?
කුඩ ගල් වලින් හදලා තිබ්බ නිසාත්, සිවිලිමෙන් කෑල්ලක් ගැලවිලා බිම වැටිලා තිබ්බ නිසාත්, හිටපු ගමන් බිත්ති දිගේ "සූස්' ගාල, වැලි වගේ දුර්වල කොටස් බිමට එන නිසාත්, අපේ ලොකු නෑදෑයින් කවුරුවත් ආවේ නෑ. ආවත් හිටියේ නෑ. හිටියත් මාව ගනන් ගත්තේ නෑ. බල්ලෙක් වගේ එදා හැදෙද්දී, හිතට සහනයක් උනේ, එකම සහනය උනේ දයා රෝහණ අතුකෝරාල මහත්මයාගේ, මනෝවිද්‍යාත්මක පොත් පත තමයි. උසස් පෙළ පාඩම් කරද්දීත්, කිසිම වෙනසක් උනේ නෑ. හැමදාම වගේ හෙම්බිරිසාව නේ ද ? ඔව්, අමිහිරි මතකය මම අවදි කරන්නම් රත්තරං.
පාඩම් මේසෙත්, ඇඳත්, නිදන කාමරෙත් , සාලෙත් උනේ ඔයාගෙ කාමරය නේද ප්‍රියන්ත. ඒත් දවල්ට වහලෙ මුදුනින් අහස පේනවා. සමහරදාට, කුඩා හිල් වලින් වැ‍ටුන ආලෝකයෙන්, වලාකුළු අනිත් පැත්තට යනවා දකිනවා පොලවේ. ෂා... ආලෝකෙ ගැන පාඩමත් අත්දැකීමෙන්ම .....
ඒත් ඇඳට උඩින් නම් ඉටිකොල ගහලා තිබේ, වැස්ස වැ‍ටුනොත් නොතෙමී ඉන්න නේ ද ? ඒත් වහින දවස් වලට රෑ දෙගොඩහරිජාමේ නැගිටලා, ඉටිරෙද්දේ පිරුන වතුර, කොස්සෙ මිටෙන් ඇනලා, බේසමට දැම්මේ නැත්තම් ඉතින් ප්‍රියන්ත සොරිම තමයි ඇඳට නේද ?
ඒත් හැමදාම පීනස තිබ්බේ, මේ සීතල උහුල ගන්න අහිංසක ඔයාට 100% බැරි උන නිසා වෙන්න ඇති නේද ප්‍රියන්ත.
වැසිකිලියට ගියත් පැයකින් එන්න වෙන්නෙ නෑ.. මතකද.. ඉදල් මිටක් තිබ්බ ඉස්සරහ තියලා, ඒක අරගෙන දහ පහලොස් වතාවක් ඇනලා ඇනලා තමයි, වතුර ගහන්න ඕනේ. නැත්නම් ඉතින් වැසිකිළියම ඉවරයි. ඔයා මේ ඔක්කෝම කියනවට ඒ තරම් ම කැමති නෑකියලා මම දන්නවා පැටියෝ.
(ඔයාට පැටියෝ කියලා කියන්න මම විතරයි නේ. එත් මට මතකයි, ඉස්සර වහලේ බට වගයක් දාන්න ආපු බාසුන්නැහේ කෙනෙකුත් පැටියෝ කිව්වා, වාසියට නේ ද ?)

මගේම ආදරනීය ප්‍රියන්ත, මම දැන් ගොඩාක් කතා කලා ඔයාට.
ඒත් ඕනෙම දේ ගැන කතා කලේ නෑ. ඔයාගේ කැමතිම, තහනම් වචනය, ආදරය ? ඔන්න ඔන්න, තරහ ගියානේ ද ? ප්‍රියන්ත. කමක් නෑ. ජීවිතේ තව ටිකයි නේ. ඒකත් මෙහෙමම ඉඳිමු නේද ?
මම කලිනුත් කිව්වානේ, ඔයා ප්‍රියන්ත, දැන් දුකේදි අඬන්නේ නෑ කියලා. නිතරම ලැබෙන දේක විශේෂත්වයක් නැති නිසා වෙන්න ඇති නේ ද ? ප්‍රියන්ත. ඒත් මම දන්නවා හොඳටම , ඔයාට අඬන්නෙ නැතුව නම් ඉන්න බැරි වෙන දවස. ඒ ඔයාට කවදාවත් නොලැබුන දෙයක් ලැබෙන , ජීවිතේ සතුට ලැබෙන දවස! ඒත්...

මම අදට නවතින්නම් මගේ රත්තරන් පැටියෝ, ප්‍රියන්ත !
ඔයා සතුටින් ඉන්නකෝ... ඔයාට පුලුවන් පැටියෝ ඒක කරන්න..
මම ඔයා ලඟ සදහටම ඉන්නවානේ.. කවුරු දාල ගියත්, කවුරු වෙනස්කම් කලත්.. මම හැමදාම ඔයාගෙමයි රත්තරං !

මෙයට,
විශ්වාසී,
ඔයාගෙම,
ප්‍රියන්ත ද සිල්වා !
සදහටම ඔයාගෙමයි !

Monday, February 7, 2011

ගංවතුරෙන් මාළුබාන අපේ කාලයේ දේශපාලුවෝ

ගංවතුරෙන් මාළුබාන අපේ කාලයේ දේශපාලුවෝ

ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් දැව නිර්මාණ

ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් දැව නිර්මාණ

ආචාර්ය නිමල් රුවන් පතිරණ රාජ්‍ය දැව සංස්‌ථාවේ පර්යේෂණ සංවර්ධන හා පුහුණු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකාවේ දැව පිළිබඳ aපර්යේෂණ කර එම තතු අනාගත පරපුරට දායාද කරමින් සිටින විද්වතෙකි.

රාජ්‍ය දැව සංස්‌ථාවේ පර්යේෂණ සංවර්ධන පුහුණු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස "තුරුජන සිසු බැංකු" වැඩසටහන, මින්නේරිය ජෛව විවිධත්ව උද්‍යානය වැනි පරිසර සංරක්‌ෂණයට ඉටුකළ මහා කාර්යභාරය නිසා 2009 වර්ෂයේ "මැකෝ" (පරිසරවේදී) රන් සම්මානය ඔහුට හිමිවිය.

ආචාර්ය නිමල් රුවන්පතිරණ මහතා සමඟ "ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් දැව නිර්මාණ" කෘතිය එළිදැක්‌වීමට රට පුරා සැරිසරා වනපෙත්, ශ්‍රී ලංකාවේ පැරණි දැව නිර්මාණ ඇති ස්‌ථානවල රෑ දවල් නොතකා වෙහෙස නොබලා සෙවනැල්ල සේ සිටි රාජ්‍ය දැව සංස්‌ථාවේ පර්යේෂණ පුහුණු කළමනාකාර චමින්ද කුමාර මුතුමාල මහතාද රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා අංශයේ ගෞරව උපාධිධරයෙකි. දැනට ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යාපති පශ්චාද් උපාධිය හදාරයි. මුතුමාල මහතා රාජ්‍ය දැව සංස්‌ථාවේ තාක්‌ෂණ පුහුණු ආයතනයේ දේශකවරයෙකි.

මේ දෙදෙනාගේ මහත් පරිශ්‍රමයෙන් සිරිලක විස්‌මිත දැව නිර්මාණ සහ විස්‌මිත දැව තාක්‌ෂණය පිළිබඳ දුර්ලභ තොරතුරු ඡායාරූප ඇතුළත් කෘතියක්‌ එළිදක්‌වා ඇත. එය ශ්‍රී ලංකාවේ ආශ්චර්යවන් දැව නිර්මාණ නම් වේ.

මෙම ග්‍රන්ථයෙන් අපගෙන් ශේෂවී ගොස්‌ ඇති අනුරපුර හා පොළොන්නරු යුගවල දැව නිර්මාණවල ප්‍රතිනිර්මාණයන් මෙන්ම මහනුවර දඹදෙණි යුගවල නිමාවූ දැනට ආරක්‌ෂිත තත්ත්වයේ ඇති නිර්මාණ රැසක්‌ අපට දක්‌නට සැලැස්‌වීම අගය කළ යුතු කාර්යකි.

පැරැන්නෝ විවිධ දැව දඬුවල තාක්‌ෂණය, ඖෂධීය ගුණය, ජලයට නොදිරා ඔරොත්තුදීමේ ශක්‌තිය, විවිධ වර්ණ සහිත දැවවලින් නෙත් ඇද බැඳ ගන්නා ආකර්ෂණීය බව, කලාත්මක බව ආදී හැම අංශයක්‌ම දැන සිsටියේ පරිසරය හා ජීවත්වීම ලත් අත්දැකීමෙනි.

දැවයෙන්ම නිමවූ ඇම්බැක්‌කේ දේවාලය, එදා රට පාලනය කළ සුද්දන් පවා හිස නමාගෙන ගෙය තුළට ඇතුළුවීමට නිර්මාණය කර තිබූ මඩුවන්වෙල වලව්ව, බදුල්ල, හාලිඇල, සිට ගලඋඩ මාර්ගයේ බෝගොඩ රජමහා විහාරයට යැමට ඇති බෝගොඩ දැව පාලම, ශ්‍රී ලංකාවේ විශාලම දැවමය වී අටුව, පනාපිටිය අම්බලම ආදි නිර්මාණ ද නොදුටු බොහෝ දෙනා අප රටේ සිටින්නට පුළුවන.

ක්‍රීඩා භාණ්‌ඩ, මුළුතැන්ගෙයි උපකරණ දඬු කඳ, වේල් කරත්තය ආදී උපකරණ කතුවරුන්ගේ පරිශ්‍රමයෙන් ජාතියට දායාද කරදී ඇත්තේ මෙම පර්යේෂණාත්මක ග්‍රන්ථය තුළිනි. මෙම ග්‍රන්ථය රාජ්‍ය දැව සංස්‌ථාවෙන් මිලදී ගත හැකිය.

මාතර කේ. එච්. පියසේන

ලෝක ක්‍රිකට්‌ සංගීත සංදර්ශන නැවත්වීමට ජනපති අණ·

ලෝක ක්‍රිකට්‌ සංගීත සංදර්ශන නැවත්වීමට ජනපති අණ·
කුමන නැටුම් කෙළි කවට සිනා දා...?


ශ්‍රී ලංකාවේ වත්මන් හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිsය වෙනුවෙන් මහනුවර හා හම්බන්තොට පැවැත්වීමට නියමිතව තිබූ සංගීත සංදර්ශන නොපවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතාට ඊයේ (07 දා) උපදෙස්‌ දී ඇත.

ජල ගැලීම් විපත් හේතුවෙන් විශාල පිරිසක්‌ අවතැන්ව සිටින අවස්‌ථාවකදී මෙවැනි දේ පැවැත්වීම සුදුසු නොවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.




මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පෙරේදා වන විට පුද්ගලයන් දශ ලක්‍ෂ පනස්‌ හතර දහස්‌ හාරසිය අනූනමයක්‌ පීඩාවට පත්වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි. ලෝක කුසලාන ප්‍රචාරණ වැඩසටහන යටතේ පැවැත්වීමට නියමිත වූ අදාළ සංගීත සංදර්ශන දෙක මෙම මස 15 වැනිදා සහ 19 වැනිදා පිළිවෙළින් මහනුවර සහ හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබිණි. ලෝක කුසලාන ශ්‍රී ලංකා කාර්යාලය විසින් කරනු ලබන ග්ලෝරි එක්‌ස්‌ප්‍රස්‌ ප්‍රචාරණ වැඩසටහනේ ප්‍රචාරණ අංගයක්‌ වශයෙන් අදාළ සංගීත සංදර්ශන දෙක පැවැත්වීමට නියමිතව තිබිණ. මෙම සංගීත සංදර්ශණ මාලාවේ පළමුවැන්න පසුගිය මස 08 වැනිදා කොළඹ ගාලු මුවදොර ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.

අනුර බාලසූරිය

මළගෙදරට දුන් බිස්කට් පැකැට්‍ටුව ආපසු ඉල්ලාගෙන ගිහින්

මළගෙදරට දුන් බිස්කට් පැකැට්‍ටුව ආපසු ඉල්ලාගෙන ගිහින්

Image

08/02/2011

මාතරින් හොර කච්චේරියක් හමුවෙයි

මාතරින් හොර කච්චේරියක් හමුවෙයි

රාජ්‍ය ආයතන වලට අයත් ලිපි ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ කච්චේරියක් මාතර ප්‍රදේශයේ දී වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කච්චේරියෙහි ව්‍යාජ ලෙස සකස් කරන ලද ග්‍රාම සේවා සහතික , පුද්ගල හැඳුනුම්පත් , විවාහ සහ මරණ සහතික ඇතුළු ලිපි ලේඛන රැසක් සොයා ගැනීමට හැකි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

හම්බන්තොට , වලස්මුල්ල , කුරුණෑගල , මාතර වැනි ප්‍රදේශ වල රාජ්‍ය නිලධාරීන්ගේ නම් යොදා ගනිමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද නිල මුද්‍රා රැසක් ද මෙහි දී සොයා ගෙන ඇති බව සඳහන් වේ.

ආනන්ද සමරකෝන් -සොඳුරු සංගීතවේදියෙකුගේ මතක...

ආනන්ද සමරකෝන් -සොඳුරු සංගීතවේදියෙකුගේ මතක...


ආනන්ද සමරකෝන් යන නාමය මෙරට ජන හදගැස්මට සමීපව තිබෙන්නේ ඔහු ජාතික ගීයේ නිර්මාතෘ වූ නිසාම නොවේ. අපූර්වතම නිර්මාණවේදියෙකු මෙන්ම සෞන්දර්යවාදී චරිතයක් වූ නිසාය. එකල ඉන්දීය ගී තනුවලට නතුව තිබූ සංගීත යුගය නිමාකරමින් අපේම අපේ ගීත කලාවක් බිහිකිරීමට පුරෝගාමී වූ සොඳුරුතම ආඥාදායකයා ඔහුය. එතැනින් පසු හෙළ ගීයේ අපූරු මිහිරක් සනිටුහන් කළ සුනිල් ශාන්තයන්ගේ සිට පණ්ඩිත් අමරදේවයන් ඇතුළු රෝහණ වීරසිංහයන් දක්වා වූ අපේකම සොයා අපේ දේ ලෝකයට ගෙන ගිය කලකරුවන් ඒ නිසාම ආනන්ද සමරකෝන් ශූරීන්ට ණයගැති බව විචාරක මතයයි. අප මේ සූදානම් වන්නේ ඒ මතය ගැන විමසුමට නොවේ. ජාතික ගීතයේ නිර්මාතෘ වන ආනන්ද සමරකෝන් ශුරින්ගේ 100 වෙනි ජන්ම දිනය පසුගියදා යෙදී තිබුණු හෙයින් එතුමා ගැන වූ අපමණ මතකයන් බිඳක් අවදි කිරීම ය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසන පරිදි මෙරට ස්වතන්ත‍්‍ර ගීත කලාවේ පුරෝගාමියා වන්නේ නැසී ගිය මේ අසහාය කලාකරුවා වන ආනන්ද සමරකෝන් ශූරීන්ය. 1911 දී උපත ලද සමරකෝන් ශූරීන්ගේ උපන් ගම ලෙස සඳහන් වන්නේ පාදුක්ක ප‍්‍රදේශයේ වටරැුක ලියන්වලයි. වග රජයේ පාසලත්, ඉන්පසුව කෝට්ටේ කතෝලික පාසලෙනුත් අධ්‍යාපනය ලද ඔහු ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් ශිල්ප හදාරා ඇත. තාත්තා වතු සමාගමක ප‍්‍රධාන ලිපිකරුවෙකු වූ අතර, මව ගුරුවරියක වූවාය. ආනන්ද සමරකෝන් ශූරීන් වෘත්තියෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත. සංගීතයට හා චිත‍්‍ර කර්මයට අපූරු හැකියාවක් තිබීම ඔහු සතු සුවිශේෂත්වයකි. එපමණක් නොව, පසු කලෙක ඔහු නිර්මාණය කළ ගීත සියල්ලකම වාගේ පද රචනය, තනු රචනය සහ ගායනයද ඔහුගේම වීම විශේෂත්වයකි. ස්වකීය ගීත නිර්මාණ වෙතින් ප‍්‍රකාශ වී ඇත්තේ බොළඳ පේ‍්‍රමය නොව ඊට වඩා අරුතක් ගෙනදුන් දෙයක් බව පෙනී යයි. ඔහුගේ ඥාති පුතු සුනිල් සමරකෝන් පවසන පරිදි ආනන්ද සමරකෝන් ශූරීන් ආදරය, පේ‍්‍රමය සලකා ඇත්තේ සහ විග‍්‍රහ කොට ඇත්තේ පූජනීය දෙයක් ලෙසිනි. එපමණක්ද නොව එතුමාගේ ගීත සියල්ලෙහි ආදරය සමග සොබා සෞන්දර්යය ප‍්‍රකාශ වීම බෙහෙවින්ම රසවත් දෙයකි. එය පරිසරයට ඔහු දැක්වූ අප‍්‍රමාණ ආදරය, බැඳීම නිසාම විය හැකිය.

”පොඩිමල් එතනෝ
සුරතල් එතනෝ
කාට ඇසෙන්නද ළඳේ
කදිමට කවි කියන්නේ
ඉඳ තනියම ගං තෙරේ
පොඩිමල් එතනා... සුරතල් එතනා...

අතු අග අර සිටින ඒ
රණ ගිරවිට ඇසෙන සේ
කියන්නෙ කවි මේ ලෙසේ
නිකමෙට හිතුණා
හා හා ඔය බොරු එපා
දන්නවා මම ඔය උපා
මට අහගෙන ඉන්නනේ
කවිය කියන්නේ...
සුරතල් එතනා පොඩිමල් එතනා
අහසේ හිරු බැස යතේ
කුරුල්ලො ඉඟිලී යතේ
ගඟ දිය සුළඟින් නැගේ
බලන්න මහිමේ...”

ආනන්ද සමරකෝන් ශූරීන් ආදරය සහ සොබාදහමට මුසුකළ සුසංයෝගය ඒ ගීතයේ අපූරුවට ප‍්‍රකාශ කෙරෙන්නාක් මෙන්,

”බැස සීතල ගඟුලේ
පීන පීන නාමුකෝ නගෝ
හඳපානේ... හඳපානේ
සීතල ජලය අගෙයි...
ගත සිත පිනයි... පිනයි..
පොඩි... පොඩි රළඳ නගී
රාසි...රාසි පෙළ ගැසී...
හඳපානේ... හඳපානේ...

සමනළ කන්ද පෙනේ..
කදිමට හඳ එළියේ
හනිකට නාමු නෙඟා්
නාමු නාමු ගිලෙමින් ජලයේ...”

යන ගීතය එහි රසය තවත් ජනිත කරවයි. එමෙන්ම එතුමා ගැයූ විලේ මලක් පිපිලා,
එන්ඩද මැණිකේ ආදී ගීතද කිසිදා අප මනසින් ඈත් නොවන ඒවාය.

කෙසේ වෙතත් එසේ වූ ඒ අගනා කලාකරුවාණන් ජීවිතයෙන් සමුගෙන ගියේ අකලටය. දෙවැනි විවාහයේ එකම දරුවා වූ අරුණදීප අකලට මිය යාමත්, ඔහුගේ අනුදැනුමකින් තොරව ජාතික ගීය වෙනස් කිරීම යන කාරණා මුල් කරගෙන සිය ජීවිතයේ අවසාන කාලය ගෙවා දමා ඇත්තේ දැඩි චිත්ත පීඩාවකිනි. එලෙසින් ඔහු සිය ජීවිතයෙන් නික්ම ගියේ පෞද්ගලික තරහකාරයින් ඔහු පීඩාවට පත්කළ නිසා බව විචාරක මතයයි. කෙසේ වෙතත් කලාවේ සැබෑ අර්ථය නොදත් කලාකාරයින්ට වඩා මේ වඩාත් සංවේදි මිනිසා මහා යුග පුරුෂයෙක්ම වෙයි.

අපේම අපේ සුන්දර ගීත කලාවකට මුල පිරූ මුල් පුරුක වූවා පමණක් නොව ඔහු විටෙක භාරතයේ මහා ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර් ‘සැඩ සුළං’ චිත‍්‍රපටය සඳහා ගැයූ

‘ශ්‍රී... ලංකා... මා පි‍්‍රයාදර
ජය භූමි.... ජය භූමි...
ශ්‍රී ලංකා....

යන ගීතයෙහි වචන උච්චාරණය පුරුදු කළේත් මෙතුමාය. ඉන්පසු කේ. රාණි ‘සුජාතා’ චිත‍්‍රපටයට ගැයූ
‘මන රංජන දර්ශනීය ලංකා මාතා අභිරමණී...’

ගීතයෙහි රචනය සහ තනුවත් ඔහුගේමය. ඒ සියල්ල නොනැසී පවතින රස මිහිරක ඵලයක්ම වන්නේය.

මෙලෙසින් අපට ආනන්ද සමරකෝන් ශූරීන් ගැන බොහෝ දේ බොහෝ සෙයින් ලිවීමට හැකිය. නමුදු ඔහු සමුගෙන ගොස් දශක කීපයක් ගෙවී ගොසිනි. ජන්ම දිනයද වසර සියය ඉක්මවයි. ඒත් ඔහු ජීවමානව අප අතර සිටින තරමටම ඔහු අපට සමීපය. සැබෑම සැබෑ කලාකරුවන්ගේ ස්වභාවය එසේමය.

ස්තූතිය x මෙම සටහන ගෙන ඒමට අපට සහාය වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ ආනන්ද සමරකෝන් ශූරීන්ගේ මලණුවන්ගේ පුතු සුනිල් සමරකෝන්ට අපගේ ස්තුතිය පිරිනැමේ.

සඳුන් ගමගේ