Monday, February 7, 2011

ගංවතුරෙන් මාළුබාන අපේ කාලයේ දේශපාලුවෝ

ගංවතුරෙන් මාළුබාන අපේ කාලයේ දේශපාලුවෝ

ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් දැව නිර්මාණ

ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් දැව නිර්මාණ

ආචාර්ය නිමල් රුවන් පතිරණ රාජ්‍ය දැව සංස්‌ථාවේ පර්යේෂණ සංවර්ධන හා පුහුණු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකාවේ දැව පිළිබඳ aපර්යේෂණ කර එම තතු අනාගත පරපුරට දායාද කරමින් සිටින විද්වතෙකි.

රාජ්‍ය දැව සංස්‌ථාවේ පර්යේෂණ සංවර්ධන පුහුණු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස "තුරුජන සිසු බැංකු" වැඩසටහන, මින්නේරිය ජෛව විවිධත්ව උද්‍යානය වැනි පරිසර සංරක්‌ෂණයට ඉටුකළ මහා කාර්යභාරය නිසා 2009 වර්ෂයේ "මැකෝ" (පරිසරවේදී) රන් සම්මානය ඔහුට හිමිවිය.

ආචාර්ය නිමල් රුවන්පතිරණ මහතා සමඟ "ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් දැව නිර්මාණ" කෘතිය එළිදැක්‌වීමට රට පුරා සැරිසරා වනපෙත්, ශ්‍රී ලංකාවේ පැරණි දැව නිර්මාණ ඇති ස්‌ථානවල රෑ දවල් නොතකා වෙහෙස නොබලා සෙවනැල්ල සේ සිටි රාජ්‍ය දැව සංස්‌ථාවේ පර්යේෂණ පුහුණු කළමනාකාර චමින්ද කුමාර මුතුමාල මහතාද රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා අංශයේ ගෞරව උපාධිධරයෙකි. දැනට ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන විද්‍යාපති පශ්චාද් උපාධිය හදාරයි. මුතුමාල මහතා රාජ්‍ය දැව සංස්‌ථාවේ තාක්‌ෂණ පුහුණු ආයතනයේ දේශකවරයෙකි.

මේ දෙදෙනාගේ මහත් පරිශ්‍රමයෙන් සිරිලක විස්‌මිත දැව නිර්මාණ සහ විස්‌මිත දැව තාක්‌ෂණය පිළිබඳ දුර්ලභ තොරතුරු ඡායාරූප ඇතුළත් කෘතියක්‌ එළිදක්‌වා ඇත. එය ශ්‍රී ලංකාවේ ආශ්චර්යවන් දැව නිර්මාණ නම් වේ.

මෙම ග්‍රන්ථයෙන් අපගෙන් ශේෂවී ගොස්‌ ඇති අනුරපුර හා පොළොන්නරු යුගවල දැව නිර්මාණවල ප්‍රතිනිර්මාණයන් මෙන්ම මහනුවර දඹදෙණි යුගවල නිමාවූ දැනට ආරක්‌ෂිත තත්ත්වයේ ඇති නිර්මාණ රැසක්‌ අපට දක්‌නට සැලැස්‌වීම අගය කළ යුතු කාර්යකි.

පැරැන්නෝ විවිධ දැව දඬුවල තාක්‌ෂණය, ඖෂධීය ගුණය, ජලයට නොදිරා ඔරොත්තුදීමේ ශක්‌තිය, විවිධ වර්ණ සහිත දැවවලින් නෙත් ඇද බැඳ ගන්නා ආකර්ෂණීය බව, කලාත්මක බව ආදී හැම අංශයක්‌ම දැන සිsටියේ පරිසරය හා ජීවත්වීම ලත් අත්දැකීමෙනි.

දැවයෙන්ම නිමවූ ඇම්බැක්‌කේ දේවාලය, එදා රට පාලනය කළ සුද්දන් පවා හිස නමාගෙන ගෙය තුළට ඇතුළුවීමට නිර්මාණය කර තිබූ මඩුවන්වෙල වලව්ව, බදුල්ල, හාලිඇල, සිට ගලඋඩ මාර්ගයේ බෝගොඩ රජමහා විහාරයට යැමට ඇති බෝගොඩ දැව පාලම, ශ්‍රී ලංකාවේ විශාලම දැවමය වී අටුව, පනාපිටිය අම්බලම ආදි නිර්මාණ ද නොදුටු බොහෝ දෙනා අප රටේ සිටින්නට පුළුවන.

ක්‍රීඩා භාණ්‌ඩ, මුළුතැන්ගෙයි උපකරණ දඬු කඳ, වේල් කරත්තය ආදී උපකරණ කතුවරුන්ගේ පරිශ්‍රමයෙන් ජාතියට දායාද කරදී ඇත්තේ මෙම පර්යේෂණාත්මක ග්‍රන්ථය තුළිනි. මෙම ග්‍රන්ථය රාජ්‍ය දැව සංස්‌ථාවෙන් මිලදී ගත හැකිය.

මාතර කේ. එච්. පියසේන

ලෝක ක්‍රිකට්‌ සංගීත සංදර්ශන නැවත්වීමට ජනපති අණ·

ලෝක ක්‍රිකට්‌ සංගීත සංදර්ශන නැවත්වීමට ජනපති අණ·
කුමන නැටුම් කෙළි කවට සිනා දා...?


ශ්‍රී ලංකාවේ වත්මන් හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිsය වෙනුවෙන් මහනුවර හා හම්බන්තොට පැවැත්වීමට නියමිතව තිබූ සංගීත සංදර්ශන නොපවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතාට ඊයේ (07 දා) උපදෙස්‌ දී ඇත.

ජල ගැලීම් විපත් හේතුවෙන් විශාල පිරිසක්‌ අවතැන්ව සිටින අවස්‌ථාවකදී මෙවැනි දේ පැවැත්වීම සුදුසු නොවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.




මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පෙරේදා වන විට පුද්ගලයන් දශ ලක්‍ෂ පනස්‌ හතර දහස්‌ හාරසිය අනූනමයක්‌ පීඩාවට පත්වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි. ලෝක කුසලාන ප්‍රචාරණ වැඩසටහන යටතේ පැවැත්වීමට නියමිත වූ අදාළ සංගීත සංදර්ශන දෙක මෙම මස 15 වැනිදා සහ 19 වැනිදා පිළිවෙළින් මහනුවර සහ හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබිණි. ලෝක කුසලාන ශ්‍රී ලංකා කාර්යාලය විසින් කරනු ලබන ග්ලෝරි එක්‌ස්‌ප්‍රස්‌ ප්‍රචාරණ වැඩසටහනේ ප්‍රචාරණ අංගයක්‌ වශයෙන් අදාළ සංගීත සංදර්ශන දෙක පැවැත්වීමට නියමිතව තිබිණ. මෙම සංගීත සංදර්ශණ මාලාවේ පළමුවැන්න පසුගිය මස 08 වැනිදා කොළඹ ගාලු මුවදොර ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.

අනුර බාලසූරිය

මළගෙදරට දුන් බිස්කට් පැකැට්‍ටුව ආපසු ඉල්ලාගෙන ගිහින්

මළගෙදරට දුන් බිස්කට් පැකැට්‍ටුව ආපසු ඉල්ලාගෙන ගිහින්

Image

08/02/2011

මාතරින් හොර කච්චේරියක් හමුවෙයි

මාතරින් හොර කච්චේරියක් හමුවෙයි

රාජ්‍ය ආයතන වලට අයත් ලිපි ලේඛන ව්‍යාජ ලෙස සකස් කළ කච්චේරියක් මාතර ප්‍රදේශයේ දී වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කච්චේරියෙහි ව්‍යාජ ලෙස සකස් කරන ලද ග්‍රාම සේවා සහතික , පුද්ගල හැඳුනුම්පත් , විවාහ සහ මරණ සහතික ඇතුළු ලිපි ලේඛන රැසක් සොයා ගැනීමට හැකි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

හම්බන්තොට , වලස්මුල්ල , කුරුණෑගල , මාතර වැනි ප්‍රදේශ වල රාජ්‍ය නිලධාරීන්ගේ නම් යොදා ගනිමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද නිල මුද්‍රා රැසක් ද මෙහි දී සොයා ගෙන ඇති බව සඳහන් වේ.

ආනන්ද සමරකෝන් -සොඳුරු සංගීතවේදියෙකුගේ මතක...

ආනන්ද සමරකෝන් -සොඳුරු සංගීතවේදියෙකුගේ මතක...


ආනන්ද සමරකෝන් යන නාමය මෙරට ජන හදගැස්මට සමීපව තිබෙන්නේ ඔහු ජාතික ගීයේ නිර්මාතෘ වූ නිසාම නොවේ. අපූර්වතම නිර්මාණවේදියෙකු මෙන්ම සෞන්දර්යවාදී චරිතයක් වූ නිසාය. එකල ඉන්දීය ගී තනුවලට නතුව තිබූ සංගීත යුගය නිමාකරමින් අපේම අපේ ගීත කලාවක් බිහිකිරීමට පුරෝගාමී වූ සොඳුරුතම ආඥාදායකයා ඔහුය. එතැනින් පසු හෙළ ගීයේ අපූරු මිහිරක් සනිටුහන් කළ සුනිල් ශාන්තයන්ගේ සිට පණ්ඩිත් අමරදේවයන් ඇතුළු රෝහණ වීරසිංහයන් දක්වා වූ අපේකම සොයා අපේ දේ ලෝකයට ගෙන ගිය කලකරුවන් ඒ නිසාම ආනන්ද සමරකෝන් ශූරීන්ට ණයගැති බව විචාරක මතයයි. අප මේ සූදානම් වන්නේ ඒ මතය ගැන විමසුමට නොවේ. ජාතික ගීතයේ නිර්මාතෘ වන ආනන්ද සමරකෝන් ශුරින්ගේ 100 වෙනි ජන්ම දිනය පසුගියදා යෙදී තිබුණු හෙයින් එතුමා ගැන වූ අපමණ මතකයන් බිඳක් අවදි කිරීම ය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පවසන පරිදි මෙරට ස්වතන්ත‍්‍ර ගීත කලාවේ පුරෝගාමියා වන්නේ නැසී ගිය මේ අසහාය කලාකරුවා වන ආනන්ද සමරකෝන් ශූරීන්ය. 1911 දී උපත ලද සමරකෝන් ශූරීන්ගේ උපන් ගම ලෙස සඳහන් වන්නේ පාදුක්ක ප‍්‍රදේශයේ වටරැුක ලියන්වලයි. වග රජයේ පාසලත්, ඉන්පසුව කෝට්ටේ කතෝලික පාසලෙනුත් අධ්‍යාපනය ලද ඔහු ඉන්දියාවේ ශාන්ති නිකේතනයෙන් ශිල්ප හදාරා ඇත. තාත්තා වතු සමාගමක ප‍්‍රධාන ලිපිකරුවෙකු වූ අතර, මව ගුරුවරියක වූවාය. ආනන්ද සමරකෝන් ශූරීන් වෘත්තියෙන් ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත. සංගීතයට හා චිත‍්‍ර කර්මයට අපූරු හැකියාවක් තිබීම ඔහු සතු සුවිශේෂත්වයකි. එපමණක් නොව, පසු කලෙක ඔහු නිර්මාණය කළ ගීත සියල්ලකම වාගේ පද රචනය, තනු රචනය සහ ගායනයද ඔහුගේම වීම විශේෂත්වයකි. ස්වකීය ගීත නිර්මාණ වෙතින් ප‍්‍රකාශ වී ඇත්තේ බොළඳ පේ‍්‍රමය නොව ඊට වඩා අරුතක් ගෙනදුන් දෙයක් බව පෙනී යයි. ඔහුගේ ඥාති පුතු සුනිල් සමරකෝන් පවසන පරිදි ආනන්ද සමරකෝන් ශූරීන් ආදරය, පේ‍්‍රමය සලකා ඇත්තේ සහ විග‍්‍රහ කොට ඇත්තේ පූජනීය දෙයක් ලෙසිනි. එපමණක්ද නොව එතුමාගේ ගීත සියල්ලෙහි ආදරය සමග සොබා සෞන්දර්යය ප‍්‍රකාශ වීම බෙහෙවින්ම රසවත් දෙයකි. එය පරිසරයට ඔහු දැක්වූ අප‍්‍රමාණ ආදරය, බැඳීම නිසාම විය හැකිය.

”පොඩිමල් එතනෝ
සුරතල් එතනෝ
කාට ඇසෙන්නද ළඳේ
කදිමට කවි කියන්නේ
ඉඳ තනියම ගං තෙරේ
පොඩිමල් එතනා... සුරතල් එතනා...

අතු අග අර සිටින ඒ
රණ ගිරවිට ඇසෙන සේ
කියන්නෙ කවි මේ ලෙසේ
නිකමෙට හිතුණා
හා හා ඔය බොරු එපා
දන්නවා මම ඔය උපා
මට අහගෙන ඉන්නනේ
කවිය කියන්නේ...
සුරතල් එතනා පොඩිමල් එතනා
අහසේ හිරු බැස යතේ
කුරුල්ලො ඉඟිලී යතේ
ගඟ දිය සුළඟින් නැගේ
බලන්න මහිමේ...”

ආනන්ද සමරකෝන් ශූරීන් ආදරය සහ සොබාදහමට මුසුකළ සුසංයෝගය ඒ ගීතයේ අපූරුවට ප‍්‍රකාශ කෙරෙන්නාක් මෙන්,

”බැස සීතල ගඟුලේ
පීන පීන නාමුකෝ නගෝ
හඳපානේ... හඳපානේ
සීතල ජලය අගෙයි...
ගත සිත පිනයි... පිනයි..
පොඩි... පොඩි රළඳ නගී
රාසි...රාසි පෙළ ගැසී...
හඳපානේ... හඳපානේ...

සමනළ කන්ද පෙනේ..
කදිමට හඳ එළියේ
හනිකට නාමු නෙඟා්
නාමු නාමු ගිලෙමින් ජලයේ...”

යන ගීතය එහි රසය තවත් ජනිත කරවයි. එමෙන්ම එතුමා ගැයූ විලේ මලක් පිපිලා,
එන්ඩද මැණිකේ ආදී ගීතද කිසිදා අප මනසින් ඈත් නොවන ඒවාය.

කෙසේ වෙතත් එසේ වූ ඒ අගනා කලාකරුවාණන් ජීවිතයෙන් සමුගෙන ගියේ අකලටය. දෙවැනි විවාහයේ එකම දරුවා වූ අරුණදීප අකලට මිය යාමත්, ඔහුගේ අනුදැනුමකින් තොරව ජාතික ගීය වෙනස් කිරීම යන කාරණා මුල් කරගෙන සිය ජීවිතයේ අවසාන කාලය ගෙවා දමා ඇත්තේ දැඩි චිත්ත පීඩාවකිනි. එලෙසින් ඔහු සිය ජීවිතයෙන් නික්ම ගියේ පෞද්ගලික තරහකාරයින් ඔහු පීඩාවට පත්කළ නිසා බව විචාරක මතයයි. කෙසේ වෙතත් කලාවේ සැබෑ අර්ථය නොදත් කලාකාරයින්ට වඩා මේ වඩාත් සංවේදි මිනිසා මහා යුග පුරුෂයෙක්ම වෙයි.

අපේම අපේ සුන්දර ගීත කලාවකට මුල පිරූ මුල් පුරුක වූවා පමණක් නොව ඔහු විටෙක භාරතයේ මහා ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර් ‘සැඩ සුළං’ චිත‍්‍රපටය සඳහා ගැයූ

‘ශ්‍රී... ලංකා... මා පි‍්‍රයාදර
ජය භූමි.... ජය භූමි...
ශ්‍රී ලංකා....

යන ගීතයෙහි වචන උච්චාරණය පුරුදු කළේත් මෙතුමාය. ඉන්පසු කේ. රාණි ‘සුජාතා’ චිත‍්‍රපටයට ගැයූ
‘මන රංජන දර්ශනීය ලංකා මාතා අභිරමණී...’

ගීතයෙහි රචනය සහ තනුවත් ඔහුගේමය. ඒ සියල්ල නොනැසී පවතින රස මිහිරක ඵලයක්ම වන්නේය.

මෙලෙසින් අපට ආනන්ද සමරකෝන් ශූරීන් ගැන බොහෝ දේ බොහෝ සෙයින් ලිවීමට හැකිය. නමුදු ඔහු සමුගෙන ගොස් දශක කීපයක් ගෙවී ගොසිනි. ජන්ම දිනයද වසර සියය ඉක්මවයි. ඒත් ඔහු ජීවමානව අප අතර සිටින තරමටම ඔහු අපට සමීපය. සැබෑම සැබෑ කලාකරුවන්ගේ ස්වභාවය එසේමය.

ස්තූතිය x මෙම සටහන ගෙන ඒමට අපට සහාය වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සහ ආනන්ද සමරකෝන් ශූරීන්ගේ මලණුවන්ගේ පුතු සුනිල් සමරකෝන්ට අපගේ ස්තුතිය පිරිනැමේ.

සඳුන් ගමගේ

ආච්චිට ‘මිස් කෝල්’ දුන් තරුණයා සමග මිණිබිරිය හාදවෙලා

ආච්චිට ‘මිස් කෝල්’ දුන් තරුණයා සමග මිණිබිරිය හාදවෙලා


මිත්තනියගේ ජංගම දුරකථනයට ලැබුණු ප‍්‍රතිචාර නොදැක්වූ ඇමතුමකට (Missed call) නැවත ඇමතුමක් ලබාදී ඇමතුම දුන් තරුණයා සමග 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් හාදවීමේ පුවතක් කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වාර්තා වේ.

ඇය මිත්තනියගේ ජංගම දුරකථනයට ලැබුණු ප‍්‍රතිචාර නොදැක්වූ ඇමතුමකට (Missed call) නැවත ඇමතුමක් ලබාදී ඔහු සමග කෙටිකාලීන දුරකතන හාදකමක් පවත්වා පසුව තරුණයා හමු වූ පළමු දිනයේදීම අඹු සැමියන් ලෙස සිට ඇතැයි ද පැවසේ.

හදිසියේ රෝගී වූ මෙම බාල වයස්කාර දැරිය ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් පසුව සිද්ධිය අනාවරණය වී තිබේ.

පසුව ඇය කළුතර කොට්ඨාස ළමා හා කාන්තා ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

දැරිය විසින් කළුතර කොට්ඨාස ළමා හා කාන්තා ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මල්කා තුෂාර මහත්මියට නාගොඩ රෝහලේදී සිද්ධිය අනාවරණය කරමින් ප‍්‍රකාශයක් දී ඇති බව කළුතර දකුණ පොලිසියේ පොලිස් පරීක්ෂක උඩවත්ත මහතා කළුතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දක්වා තිබිණි.

මුලාශ්‍රය-http://sinhalaya1st.blogspot.com/

WELCOME !

WELCOME !

Now, Just the begining.... Stay with us...