Monday, February 7, 2011

ලෝක ක්‍රිකට්‌ සංගීත සංදර්ශන නැවත්වීමට ජනපති අණ·

ලෝක ක්‍රිකට්‌ සංගීත සංදර්ශන නැවත්වීමට ජනපති අණ·
කුමන නැටුම් කෙළි කවට සිනා දා...?


ශ්‍රී ලංකාවේ වත්මන් හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිsය වෙනුවෙන් මහනුවර හා හම්බන්තොට පැවැත්වීමට නියමිතව තිබූ සංගීත සංදර්ශන නොපවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතාට ඊයේ (07 දා) උපදෙස්‌ දී ඇත.

ජල ගැලීම් විපත් හේතුවෙන් විශාල පිරිසක්‌ අවතැන්ව සිටින අවස්‌ථාවකදී මෙවැනි දේ පැවැත්වීම සුදුසු නොවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.




මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පෙරේදා වන විට පුද්ගලයන් දශ ලක්‍ෂ පනස්‌ හතර දහස්‌ හාරසිය අනූනමයක්‌ පීඩාවට පත්වී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි. ලෝක කුසලාන ප්‍රචාරණ වැඩසටහන යටතේ පැවැත්වීමට නියමිත වූ අදාළ සංගීත සංදර්ශන දෙක මෙම මස 15 වැනිදා සහ 19 වැනිදා පිළිවෙළින් මහනුවර සහ හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබිණි. ලෝක කුසලාන ශ්‍රී ලංකා කාර්යාලය විසින් කරනු ලබන ග්ලෝරි එක්‌ස්‌ප්‍රස්‌ ප්‍රචාරණ වැඩසටහනේ ප්‍රචාරණ අංගයක්‌ වශයෙන් අදාළ සංගීත සංදර්ශන දෙක පැවැත්වීමට නියමිතව තිබිණ. මෙම සංගීත සංදර්ශණ මාලාවේ පළමුවැන්න පසුගිය මස 08 වැනිදා කොළඹ ගාලු මුවදොර ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.

අනුර බාලසූරිය

No comments:

Post a Comment